ඉනිමක් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළදී ඉන්දියාව හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ඒ අනුව 3-0 ක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ඉන්දීය පිල අද(14) සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණූ 135 කට සීමා වූ අතර දෙවන ඉනිම සඳහා නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 1 =