දකුණු කොරියාව තුළ ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට හොඳ රැකියා වෙළෙඳපලක්

(කොළඹ, ලංකාපුවත්) – මෑත ඉතිහාසයේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් විදේශ ගත වූ වැඩිම වර්ෂය ලෙස 2016 වර්ෂය හැදින්විය හැකි බවත් එය ප්‍රමාණාත්මකව 6,635ක් වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා හිමි ශ්‍රමිකයන් 19දෙනෙකු සදහා ගුවන්ටිකට්පත් ලබාදීමේ අවස්ථාවකට පසුගියදා එක් වෙමිනි. විදේශ රැකියා ඒජන්සි ආයතනයේ දී එය පැවැත්විණි.

මෙහිදී 2015 වර්ෂයේ දී දකුණු කොරියාව සදහා ශ්‍රමිකයින් 5006දෙනෙකු බිටත්ව ගොස් ඇති ුතර 2016 වසරේ දී එය 1529කින් වැඩි වී තිබේ. එසේම මේ වසරේ පසුගිය 09වනදාවන විට ශ්‍රමිකයින් 2134දෙනෙකු පිටත්ව ගොස් තිබෙන බව අමාත්‍යවරිය කියා සිටියාය.

එසේම මේවන විට කොරියාවේ ක්‍රියාත්මකවන පොදු සමා කාලය තුළ දී කොරියාවේ නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයන් හට නැවත පැමිණීමට අවස්ථාව උදාවී තිබෙන බවත් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් අමාත්‍යවරිය සදහන් කළාය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සදහා දකුණු කොරියා තුළ හොඳ රැකියා වෙළෙඳපලක් පවතින අතර ඒ සදහා පිටත්ව යන ශ්‍රමිකයන් තම යුතුකම සහ වගකීම නිවැරදිව හදුනාගත යුතු බවත් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු යළි දිවයිනට පැමිණීමේ වගකීම ශ්‍රමිකයන් සතුවන බවත් අමාත්‍යවරයි වැඩිදුරටත් කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *