පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ කටයුතු කඩිනම් කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ සහ තොරතුරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“රජරට නවෝදය” පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් සිදු කෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600 කි.

ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් පුලතිසි පුරවරයේ එම ඓතිහාසික වැදගත්කම පිළිබද මතු පරපුරට අවබෝධයක් ලබාදෙමින් සහ පාසල් සිසුන් ඇතුථ සියලූදෙනාට තම දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙම කෞතුකාගාරය සහ තොරතුරු මධ්‍යස්ථානය ඉදිකෙරේ.

මෙහි ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය විමසා බැලු ජනාධිපතිතුමා එම කටයුතු කඩිනමින් කිරීමට අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

අභ්‍්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල,  ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සනූජා කස්තුරිආරච්චි යන මහත්ම මහත්මින් ඇතුථ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *