මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවි යටවු ඉදිකිරිම් යළි දිස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද ජලාශයේ ගබඩා කළ ජලය වගාබිම් සඳහා මුදා හැරීමත් සමග ජලාශයට යටවු ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබේ.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන හයක ජනතාව ජලාශයේ ජලය පිරීම හේතුවෙන් නැවත වෙත් ස්ථානවල පදිංචිකරන ලදි.

ජලාශයේ ජල මට්ටම පහලයැමත් සමග කඹරව විහාරස්ථානය නැවත දැකගන්නට හැකිව තිබේ.

මේ දිනවල මොරගහකන්ද ජලාශයේ ද සැලකියයුතු මට්ටමක ජලය පහල බැස ඇති අයුරු දක්නට ලැබේ.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පි. ජී. දයානන්ද මහතා කියා සිටියේ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ධාරිතාවෙන් මේ වන විට අක්කර අඩි පනස් දහසක් ගොවි කටයුතු සඳහා මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සහ පරාක්‍රම සමුද්‍රය වෙත මුදා හැර ඇති බවයි.

කෙසේ වෙතත් මාස්කන්නයේ ඉහල ජලාධාර ප්‍රදේශ සඳහා ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහල යන බවත් සැලසුම්කර ඇති පරිදි ජල විදුලි නිෂ්පාදනය ද ඉදිරියේ දි සිදුවිමට නියමිත බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =