ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”

(කොළඹ, ලංකාපුවත්) – සාමාන්‍යයෙන් අවමංගල්‍ය රථ හැටියට භාවිත වෙන බවට අපි දැකලා තියෙන්නේ මෝටර් රථ (කාර්) හෝ වෑන් රථ. විශේෂිත පුද්ගලයින්ගේ අවමංගල උත්සව වලදී විශේෂිත වූ අවමංගල රථ සූදානම් කරනවා අපි දැක තිඛෙනවා. නමුත්, අවමංගල රථයක් හැටියට දුම්රියක් භාවිත වීම පිළිබඳව දකින්නට තබා අසන්නට ලැඛෙන්නේත් ඉතාම කලාතුරකින්. මේ සටහන දුම්රිය ඉතිහාසය පිළිබද ආශා කරන අය වෙනුවෙන් ඉතිහාසයේ ලියැවී ඇති රාජ්‍ය අවමංගල උත්සව සදහා භාවිත වූ අවමංගල දුම්රිය පිළිබඳ සිහිපත් කිරීමටයි.

දුම්රිය, අවමංගල රථ ලෙස භාවිත වූ අවමංගල උත්සව අතර රුසියාවේ වී. අයි. ලෙනින්, 3 වන සාර් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මෙන්ම මහා බි්‍රතාන්‍යයේ 7 වන එඩ්වර්ඩ් හා 6 වන ජෝර්ජ් රජවරුන් අවමංගල උත්සව ඉතිහාසයේ විශේෂ සිදුවිම් ලෙස ලියැවෙනවා. එසේම, වින්ස්ටන්ට් චර්චිල් අග්‍රාමාත්‍යවරයාගේද අවමංගල රථය වුණේ දුම්රියක්. එපමණක් නොව, අමරිකාවේ ජනාධිපතිවරුන් වූ ඒබ්‍රහම් ලින්කන්, ෆ්‍රෑන්ක්ලින් රූස්වේල්ට් සහ ඩී. අසෙන්හවර් යන අයගේ දේහයන් රැගෙන යාම ස`දහාද අවමංගල දුම්රිය භාවිත කර තිඛෙනවා.

අවසන් වරට රාජ්‍ය අවමංගල උත්සවයක් වෙනුවෙන් අවමංගල දුම්රියක් භාවිත කර ඇත්තේ ඩෙන්මාර්කයේ දී. ඒ, 1972 ජනවාරි 24 වැනිදා ඩෙන්මාර්ක් 9 වන ෆෙඩි්‍රක් රජුගේ දේහය පිළිබඳ අවසන් ආගමික මෙහෙයන් ස`දහා රොස්කිල්ඩිහී දේවස්ථානය වෙත රැගෙන ඒම සඳහාය.

මෙම සියලු දුම්රියන් අතර ශ්‍රේෂ්ඨ වී. අයි. ලෙනින්ගේ දේහය රැගෙන ගිය අවමංගල දුම්රිය අද වන විට ඉතිහාසයට එක්ව ඇත්තේ පුරාවෘතමය වටිනාකමක් ඇති කෞතුක භාණ්ඩයක් ලෙසයි. එම දුම්රිය රුසියාවේ මොස්කව් නුවර දුම්රිය කෞතුගාකාරයේ තැන්පත් කර තිඛෙනවා. යූ-127 වර්ගයේ වාෂ්ප එංජිමක් සහිත මෙම දුම්රිය අංක 1691 ලෙස නම් කර තිඛෙනවා. රුසියාවේ දී එය හඳුන්වන්නේ වයි 127 යනුවෙනි.

මෙම කෞතුකාගාරය තුළ මෙම දුම්රිය හා සබැඳණු ඉතිහාසය සම්පූර්ණයෙන්ම පාහේ නිරූපණය වන අතර ආකෘති, ප්‍රදර්ශන භාණ්ඩ, ලිපි ලේඛනාදිය, ඡායාරූප, නිළ ඇදුම් හා සෙසු උපකරණ ද ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි.

(තොරතුරු – මාලින්ද ජයතිලක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *