ජනාධිපතිතුමා ලබන සැප්තැම්බරයේ අමෙරිකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන සැප්තැම්බර් මාසය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සඳහා අමෙරිකාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ කෙරෙන අතර එය සැප්තැම්බර් මස 25 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 19 වනදා සිට මෙම සැසිවාරයට සහභාගීවිමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධූරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවන 03 වන අවස්ථාව මෙය වනු ඇත.

එක්සත් ජාතීන්ගේ රටවල සියලු රාජ්‍ය නායකයින් මෙම සැසිවාරයට සහභාගීවිමට නියමිතය.

ඒ අනුව ජනාධිපතිතුමා මෙම සංචාරය තුළ දී රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට ද සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *