බිග් බෙන් වසර හතරකට නිහඩ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩනයේ සුප්‍රසිද්ධ බිග් බෙන් ඔරලෝසුව වසර හතරකට නිහඩ කර තැබීමට තීරණය කර තිබේ. ඒ ලබන 21 වනදා සිටයි.

එය මෙලෙස තාවකාලිකව නතර කරන්නේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සදහාය. ඒ අනුව එය වසර 2021 ද නිහඩ කර තැබෙනු ඇත.

මිටර් 96ක් උස මෙම ඔරලෝසු කුළුණ මීට වසර 157කට පෙර නිර්මාණය කරන ලද්දකි.

මෙය ජනතාව වෙනුවෙන් විවෘත කර ඇත්තේ 1859 වසරේදී ය.

බ්‍රිතාන්‍යයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ස්ථානයක් ලෙස බිග් බෙන් ඔරලෝසු කුළුණ හැදින්වේ.

මීට පෙර ද 1983, 1985 සහ 2007 වසරෙ වලදී මෙම ඔරලෝසුවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් එය නිහඩ කර තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *