වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය ප්‍රබල විවාදයකට තුඩු දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සුදු අධිපතිවාදින් සංවිධානය කළ රැළියකදි හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වු ප්‍රතිචාරය ප්‍රබල විවාදයකට තුඩු දී තිබේ.

යුද විරුවෙකුගේ ස්මාරකයක් ඉවත් කිරිමට එරෙහිව චාලට්ස්විල් ප්‍රදේශයේදී එම රැළිය පවත්වා තිබුණි. එම රැළියට එරෙහිව තවත් උද්ඝෝෂණයක් ඒ අසලම පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එහිදි දෙපාර්ශවය අතර හටගත් ගැටුම් වලදි එකිනෙකාට පහර දුන් බව වාර්තා වේ.

රැළිය අවසානයේදී වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු කාන්තාවක යට කර තවත් දහනවදෙනෙකුට තුවාල සිදු කර තිබේ.

ප්‍රහාරය පිළිබදව අදහස් දැක්වු ජනාධිපති ට්‍රම්ප්, ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ප්‍රකාශ කළද, ඔහු සෘජුවම වර්ගවාදය හෙළා දුටුවේ නැති බව අමෙරිකා වාර්තා සදහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *