“හෙට දකින රනිල්” ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ “හෙට දකින රනිල්” ප්‍රදර්ශනය මේ 17 වන බ්‍රහස්පතින්දා සවස 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ප්‍රදර්ශනය 18 වන දින සිට 20 වන දින දක්වා පුරා තෙදිනක් පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය.

1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, ස්වකීය දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ.

ලාංකේය දේශපාලන අවකාශයේ පරිණත දේශපාලන නායකත්වයක රුව ගුණ විදහා දැක්වෙන සේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ සුවිශේෂ මැදිහත්වීම ඉස්මතු කරමින් “හෙට දකින රනිල්” ප්‍රදර්ශනය සංවිධානය කිරීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *