අභ්‍යවකාශගත කළ බව කියන චන්ද්‍රිකාව ගැන කියන්න රෝහිත රාජපක්ෂ FCID එයි

(කොළඹ, ලංකාපුවත්) – රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද(15) පැමිණ තිබේ.

සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහුව මෙලෙස කැදවා තිබුණි.

චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට මුදල් යෙදවීම මගින් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇති බවට අදාළ පරීක්ෂණ සිදු කෙරේ.

ලෝකයේ ලාබාලතම සහ ශ්‍රී ලංකාවේ එකම ගගනගාමියා ලෙස වාර්තා තැබීමට ඔහු සුදානමින් සිටින බවට එකල ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණි. ඒ අනුව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට විශාල මුදලක් වැය වූ බවත් එය මූල්‍ය නාස්තියක් බවටත් ලැබුණු පැමිණිලි මත අදාළ පරීක්ෂණ සිදු කරන ලැබේ.

2012 නොවැම්බර් 7 වනදා සුප්‍රීම් සැට් එක නැමැති මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීම සදහා අමෙරිකා ඩොලර් මිලියන 320ක් වැය කළ බව සදහන් වේ.

එම මුදල සොයා ගත් ආකාරය සහ සත්‍ය වශයෙන්ම චන්ද්‍රිකාවක් යැවීම සදහා අදාළ මුදල් යෙදවූයේ ය යන්න පිළිබදවත් මෙහිදී විමර්ශනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *