රොනල්ඩෝට තරග තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ.

“ස්පෙනිෂ් සුපර් කප් තරගාවලිය“ යටතේ බාසිලෝනා කණ්ඩායම සමඟ පැවති තරගයේ දී විනිසුරුවරයා තල්ලු කිරීම හේතුවෙන් ඔහු තරග තහනමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ඒ අනුව ඔහු හට ඉදිරි තරග පහ සඳහා සහභාගී වීම තහනම් වනු ඇත.

බසිලෝනා කණ්ඩායම සමඟ ඊයේ(14) පැවති තරගයෙන් තුනට එකක් ලෙස ජය ගැනීමට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත් විය.

කෙසේවෙතත් මෙම තරග තහනම සම්බන්ධයෙන් දින 10ක් තුළ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − two =