සිංහලෙන් කියන්න – දැන් ගූගල් ටයිප් කරල දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔබ සාමාන්‍යයෙන් වචන යතුරුකරණය කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ නියැළෙන අවස්ථාවක් ගූග්ල් විසින් ඊයේ(14) දිනයේදී හදුන්වාදී තිබේ.

ඒ ‘වොයිස් ටයිපින්’ සේවාවයි.

ඊයේ දිනයේදී අලුතෙන් ලෝකය පුරා භාෂා තිහකට ලබාදුන් මෙම සේවාව නිසා මිනිසුන් බිලියනයකට පමණ එම සේවාව සලසාගැනීමේ ඉඩ කඩ ලැබේ.

ඒ අනුව සිංහල භාෂාව වෙනුවෙනුත් ඒ ඉඩ සැලසේ.

මෙය නොමිලේ ලබාදෙන සේවාවක් වීම විශේෂත්වයකි.

ඔබට භාගත කිරීමට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් හි Gboard යෙදුම පමණයි. මිනිසාට වඩා පහසු ක්‍රමයකට සකසා ඇති එම යතුරු පුවරුව හරහා ඔබට මෙම නව සේවාව අත්විඳිය හැකිය.

මෙහිදී දසවැනි සියවසේ පමණ භාවිත වූ ඓතිහාසික ජෝජියානු භාෂාව මෙයට ඔවුන් ඇතුළත් කර ඇත්තේ එම භාෂාවට ගෞරවයක් ලෙසින්ය. එසේම අප්‍රිකාවේ විශාලතම භාෂාවන් දෙකක් වන ස්වාහිලී සහ ඇමරික් භාෂා සේම බොහෝ ඉන්දියානු භාෂාවලටද එම සේවාව ක්‍රියාත්මකය.

මේ එලෙස අලුතින් එක්වන භාෂා තිහේ ලැයිස්තුවයි.

 

Amharic (Ethiopia)
Armenian (Armenia)
Azerbaijani (Azerbaijani)
Bengali (Bangladesh, India)
English (Ghana, Kenya, Nigeria, Tanzania)
Georgian (Georgia)
Gujarati (India)
Javanese (Indonesia)
Kannada (India)
Khmer (Cambodian)
Lao (Laos)
Latvian (Latvia)
Malayalam (India)
Marathi (India)
Nepali (Nepal)
Sinhala (Sri Lanka)
Sundanese (Indonesia)
Swahili (Tanzania, Kenya)
Tamil (India, Singapore, Sri Lanka, Malaysia)
Telugu (India)
Urdu (Pakistan, India)

මෙම භාෂා ප්‍රමාණය ගණන් කළ පසු ඔබට 21ක් ලෙස අගයක් ලැබුණත් එම භාෂා සේවාව විහිදෙන රටවල් ප්‍රමාණයෙන් සම්පූර්ණ භාෂා තිහක ගණනය සම්පූර්ණ වනු ඇත.

මෙලෙස භාෂා තිහකට මෙම සේවාව සපයන්නට සාමාන්‍ය යෙදුම් ඒ ඒ රටවල කියැවෙන ආකාරය පර්යේෂණයට ලක්කිරීමට බොහෝදෙනෙකු යොදාගෙන එම වදන් නැවත කියවා තිබේ. දැන් ඔබට Gboard භාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන අතරමගක වුව ඔබේ සටහනක් ඔබේම මවු භාෂාවෙන් භාවිත කළ හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *