සියෙරා ලියොන් හි නාය අනතුරකින් 200ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – සියෙරා ලියොන් රාජ්‍යයේ ෆීටවුන් අගනුවර සිදු වු නාය අනතුරකින් පුද්ගලයින් 200කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එසේම බොහෝ පිරිසක් අවතැන්ව ඇත.

අධික වැසි හේතුවෙන් රිජන්ට් කලාපයේ කඳුකර ප්‍රදේශක ඊයේ මේ නාය අනතුර සිදුව තිබේ. එම අවස්ථාවේ දී බොහෝ දෙනෙකු නින්දේ සිටි බව වාර්තා වේ. මෙයින් නිවාස බොහෝ සංඛ්‍යාවක් යටවී තිබේ.

විපතට පත්වූ පිරිස් වෙනුවෙන් කඩිනමින් සහන මෙහෙයුම් ආරම්භ කර ඇත. ඇතැම් පුද්ගලයින් නිවෙස්වල සිරවී සිටින බවද බලධාරීන් ප්‍රකාශ කළේය.

වාර්ෂාකාලයේ දී බටහිර අප්‍රිකාවේ නාය අනතුරු සහ ගංවතුර තත්වයන් ඇතිවීම නිරන්තරයෙන් සිදුවේ.

වනාන්තර එළිකිරීම හා දුර්වල, නගර සැලසුම් හේතුවෙන් ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + eight =