සුමාත්‍රාවේ අතරමං වූ ලාංකිකයින් ඉන්දුනීසියාව බේරා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා මුහුදු තීරයේදී ආපදාවට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැගත් යාත්‍රාවක්, ඉන්දුනීසියානු ධීවරයකුගේ දායකත්වයෙන් මුදා ගැනීමට හැකි වී තිබේ.

ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු සමඟ යාත්‍රාව ආපදාවට පත්ව තිබු අතර ශ්‍රී ලාංකික පිරිමින් 32ක් හා එක කාන්තාවක වූ බව ඉන්දුනීසියාවේ පොලිසිය සදහන් කර ඇත.

මෙම යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට පත් වීම හේතුවෙන් තමන්ට උපකාර කරන ලෙස සංක්‍රමණිකයින් ඉල්ලා සිටි බව ඔවුන් මුදා ගැනීමට මැදිහත් වූ ඉන්දුනීසියානු ධීවරයා පවසා තිබේ.

තමන් ශ්‍රී ලංකාව හැරදා නවසීලන්තයට හා ඕස්ට්‍රේලියාවට යාමට පැමිණි බව සංක්‍රමණික පිරිස පොලිසියට පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 9 =