ඉන්දියාව නිදහස් දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හැත්තෑවෙනි නිදහස් සමරුව අදට (15) යෙදී තිබේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ලොව ඇරඹි සටනේදී ඉන්දියාවට ප්‍රමුඛ ස්ථානයක් ලැබිණි.

මේ අතර අදට යෙදී ඇති 70 වන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සුබ පැතුම් පණිවුඩයක් එක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා සහ අසල්වැසියා වන ඉන්දියාවට ප්‍රීතිමත් නිදහස් දිනයක් වේවායි ජනාධිපතිතුමා එමගින් ප්‍රාර්ථනා කර ඇත.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දීය ජාතික ධජය එසවීමේ උත්සවයක් කොළඹ ඉන්දියා හවුස් මැදුරේදී පැවැත්වෙන අතර, ඉන්දියාවේ සුප්‍රකට සංගීතඥයෙකු වන බික්‍රම් ගෝෂ් ගේ ප්‍රසංගයක් අද පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ 70 වන නිදහස් දින උත්සවය නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව කේන්ද්‍ර කොටගෙන අද උදෑසන පවත්වන ලද්දේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු ආරම්භ කළ සම්ප්‍රදාය අනුව යමින් අග්‍රාමාත්‍ය මෝදි එහිදී ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *