ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටත් ප්‍රමිතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටද ප්‍රමිතියක් ඇතිකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ආයුර්වේද ක්ෂේත්‍රයේද ව්‍යාජ වෛද්‍යවරුන් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය. ආයුර්වේද වෛද්‍යවරුන් සතුව ඇති පුස්කොල පොත් හයසියයක් සිංහලයට පරිවර්තනය කෙරෙමින් පවති.
එවැනි පොත් තිබේ නම් ඒවා අයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

බොරැල්ල ආයුර්වේද රෝහලට රුපියල් මිලියන 1800ක වියදමින් නව වාට්ටු සංකීර්ණයක් ඉදිකෙරේ. එයද ජාතික රෝහල මෙන් සංවර්ධනය කිරීම අපේක්ෂාව වේ.

දේශීය වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය කංසා ලබාදීම සදහා හමුදාව යොදවා කංසා වගා කිරීමේ ව්‍යාපෘතියක් සැළසුම්කර තිබේ.

එසේම අක්කර 100ක කංසා වගාකිරීම සැළසුම වේ. ආයුර්වේද වෛද්‍යවරුන් ලබාදීමෙන් පසු ඉතිරිවන කංසා ප්‍රමාණය විදේශ රටවලට අපනයකය කරන බවද රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 7 =