නැඟී එන ක්‍රීඩක නුවන් තුෂාරට අර්ජුනගෙන් තෑගි

(කොළඹ, ලංකාපුවත්) – නුවන් තුෂාර, අප හැමෝම දන්නේ කවපෙත්තා යන සුරතල් නාමයෙනි. ඔහු වේගපන්දු යවන නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඔහුගේ පන්දු යැවීමේ විලාසය ලසිත් මාලිංගට සමානය. මේ හේතුවෙන් නුවන් තුෂාර අනාගත ලසිත් මාලිංග යැයිද බොහෝ දෙනා කියති.

ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ඇල්පිටිය ඉඟලතලාව කනිෂ්ඨ විද්‍යාලයෙනි. එහෙත් ඒ පාසලේ ක්‍රිකට් නොවීය.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් සංචිතය හරහාය. කලක් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ නුවන් තුෂාර මේ වන විට දැඩි අභියෝග මැද කොළඹ කේන්ද්‍රකරගනිමින් සිය පුහුණුවීම් කටයුතු සිදු කරයි.

අද (16) ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හමුවූයේ සිය ක්‍රිකට් දිවියට උපදෙස් ලබා ගැනීමේ අරමුණිනි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාශ ශ්‍රවණාගාරයේ පැවැති මේ හමුවේදී අර්ජුන රණතුංග මහතා නුවන් තුෂාරට ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක්ද පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =