ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සමග එළඹෙන 20 වනදා දඹුල්ලේ දී ආරම්භ වන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සහ පන්දුවාර 20යි 20 තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය උපුල් තරංග විසින් මෙහෙය වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සංචිතයට ඇතුළත් නොවන අතර ආබාධවලට ලක්ව සිටින අසේල ගුණරත්න සහ නුවන් ප්‍රදීප්ට අමතරව අසිත ප්‍රනාන්දු, නුවන් කුලසේකර සහ ළහිරු කුමාර ද සංචිතයෙන් ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් මිලින්ද සිරිවර්ධන, මාලින්ද පුෂ්පකුමාර, තිසර පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු සංචිතය සදහා නම් කර ඇති බව සදහන් වේ.

පිතිකරුවන් ලෙස ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ චාමර කපුගෙදර සංචිතයට ඇතුළත්ය.

තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අමතරව අකිල ධනංජය හා ලක්ෂාන් සදකැන් දග පන්දු යවන්නන් ලෙස ද, ලසිත් මාලිංග සහ දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස ද සංචිතයට එක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − eleven =