ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා ආරම්භ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ඉදිකෙරෙමින් පවතින චීනයේ ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා සිට නිළ වශයෙන් ආරම්භවීමට නියමිතය. ඒ සඳහා වන වෙන් කිරීම් සැප්තැම්බර් 01 දා සිට ආරම්භ කරන බවද සමාගම නිවේදනය කරයි.

එසේම දෙසැම්බර් 01වනදා හෝටලය විවෘත කිරීමට නියමිතය.

මීට පෙර 2016 වසරේ ජුනි මාසයේ දී ෂැංග්‍රී-ලා හි හම්බන්තොට ගොල්ෆ් රිසෝර්ට්ස් ඇන්ඩ් ස්පා හෝටලය
විවෘත කරන ලදි.

දේශපාලන ක්ෂේත්‍රයේ පවා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇති ෂැංග්‍රී-ලා හෝටලය කාමර 500 කින් සමන්විතය. කොළඹ නගරයේ පිහිටි විශාලම පිහිනුම් තටාකයක්ද එයට ඇතුළත් බව ෂැංග්‍රී-ලා සමාගම සදහන් කරයි.

විවිධ උත්සව අවස්ථාද සඳහාද හෝටලය වෙන්කර ගත හැකි අතර එහිදී අමුත්තන් 2,000 කට ආසන්න ප්‍රමාණයකට පහසුකම් සැලසිය හැකිය.

හෝටලය පිහිටා ඇති අක්කර 10 ක භූමි ප්‍රමාණය තුළ කාර්යාල කුළුණක්, නේවාසික ගොඩනැගිලි දෙකක් සහ සාප්පු සංකීර්ණයකින් සමන්විත වේ.

හෝටලයේ සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 40 කි.

හොංකොං පදනම් වූ ෂැංග්‍රී-ලා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් විසින් දැනට හෝටල් 95 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *