සමෘද්ධි සහනාධාරය පිළිබද නැවත සමීක්ෂනයේ ප්‍ර‍ථිඵල අත්හිටුවනවා. – ඇමති එස්.බී.

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබද තීරණය කිරීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිදු කරන ලද සමීක්ෂණයේ ප්‍ර‍ථිඵල අත්හිටුවීමට ඒ පිළිබද නැවත සලකා බැලීමට පත්කරන ලද කැබිනට් අනු කමිටුව විසින් අද තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම් , සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍ර‍කාශ කළේය.
සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබද තීරණය කිරීම සදහා සිදු කරන ලද සමීක්ෂණයේ දත්ත පරිගනකයට ඇතුලත් කිරීමේ දී සිදු වූවී ඇති බරපතල දෝෂ හේතුවෙන් මෙම තීරණය ගත් බව පැවසූ ඇමතිවරයා එම සමීක්ෂණයේ සියලු දත්ත ඉදිරි කාලය තුල නැවත පරීක්ෂා කර බැලීම අදාල ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් සිදුකරන බවද අද අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේ දී සදහන් කළේය.

මේ අනුව සමෘද්ධි සහනාධාරය ලබන කිසිදු සමෘද්ධි ලාභියෙකුගේ ආධාර මුදල් වල වෙනසක් ඉදිරි කාලය තුල සිදු නොවන බව ඇමැති එස්.බී. දිසානායක මහතා ස්ථීර කළේය.

මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මෙසේද සදහන් කළේය

“නුසුදුස්සන් සමාද්ධි ආධාර ලබා ගන්නා බවටත්, සුදුස්සන්ට ආධාර නොලැබෙන බවටත්, පැමිණිලි විශාල ප්‍ර‍මාණයක් ලැබී තිබුණු නිසා 2015 දී පත්වූ දින 100 ආණ්ඩුව විසින් ගත් තීරණයක් අනුවයි මෙම නැවත සමීක්ෂණය සිදු කළේ. එම සමීක්ෂණයේ දී සමෘද්ධි සහනාධාරය අලුතෙන් ලබා ගන්න 830,000ක් ඉල්ලුම්කර තිබුනා.මීට අමතරව සමෘද්ධි ආධාර ලබන 1,423,661 ක් ඉන්නවා.

මෙම සමීක්ෂණය පිළිබද සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවටයි.ඒ වගේම මේකට යුනෙස්කෝ සංවිධානයේ , ලෝක බැංකුවේත් සහය ලැබුණා. ඒ අය හා සාකච්ඡාකර ලෝකයේ බොහෝ රටවල් දරිද්‍රතාවය මැනීමට යොදා ගන්නා බහුමාන දරිද්‍රතා සමීක්ෂණ ක්‍ර‍මවේදය මෙයට උපයෝගි කරගත්තා. ඒ අනුව පිටු 17කින් යුක්ත ප්‍ර‍ශ්නාවලියක් සමෘද්ධි සහන ලබන අයටත් , අලුතෙන් සමෘද්ධි ඉල්ලුම් කරන අයටත් යොමු කළා. මෙම සියලු දෙනාගේම , එනම් ලක්ෂ 22.5 කගේ සමීක්ෂණ තොරතුරු පරිගනකයට යොමු කරන්නත් විශාල කාලයක් ගත වුනා.
ඒවා අතුරින් ප්‍ර‍ධාන නිර්ණායක 06කුත් , අනු නිර්ණායක 29කුත් ලබා ගත්තා. මේ තොරතුරු පරිගනකගත කරන්න ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කෑලි ක්‍ර‍යට කුලියට දෙන්න සිදු වුනා.එම පරිගනක කළ දත්ත වලට අනුව ලැබුනු වාර්තා තමයි අපි ප්‍ර‍සිද්ධ කළේ. මෙම වාර්තා වලට විරුද්ධව විශාල වශයෙන් පැමිණිලි ලැබුණා. සමෘද්ධි ලැබිය යුතුම අයගේ සමෘද්ධිය කැපී ඇති බවට .

අප ඒ පැමිණිලි වලින් 200ක් නැවත විභාග කළා.ඉන් බරපතල වැරදි තිබූ පැමිණිලි 41ක් හමුවුනා.ඊට අමතරව ගබා ගත් තොරතුරු නිවැරදිව පරිගනක ගත නොකරපු අවස්ථා 11 හමුවුනා. ඒ නිසා අද උදේ මේ ගැන සොයන්න පත් කළ කැබිනට් අනුකාරක කමිටුව රැස් වී මෙම ප්‍ර‍ථිඵල සියල්ල අවලංගු කරන්න තීරණය කළා. ඊට පසුව වහාම මෙම තොරතුරු එකින් එක ගෙන සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයක් මගින්ම නැවත සමීක්ෂණය කරන්න තීරණය කළා.එම ප්‍ර‍ථිඵල ලැබෙන තුරු සමෘද්ධි සහනාධාර ඒ ආකාරයෙන්ම තීන්දුවක් ගත්තා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + fifteen =