සියෙරා ලියොන් ගංවතුර සහ නායයාම්වලින් මියගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – සියෙරා ලියොන් රාජ්‍යයට බලපෑ ගංවතුර සහ නායයාම්වලින් ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අතුරුදන් වූ පිරිසගේ සංඛ්‍යාව 600 ඉක්මවා තිබේ.

පසුගිය සඳුදා රීජන්ට් ප්‍රදේශයේ නායයාම් සහ ගංවතුරෙන් පුද්ගලයින් 400 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය. ඉන් නිවාස 2,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුවූ බව සඳහන්ය.

දිවි බේරාගත් අය ගලවා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව රතුකුරුස සංවිධානය පෙන්වා දෙයි.

මෘත ශරීරාගාරවල ඉඩකඩ හිඟයක් පවතින බැවින් ජීවිතක්‍ෂයට පත්වූවන් සමූහ වශයෙන් භූමදාන කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =