අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට හෘද රෝග වැළඳීමේ වැඩි අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) – අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට හෘද රෝග වැළඳීමේ වැඩි අවධානමක් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

අධික තරබාරු බවින් පෙළෙන ඇතැම් පුද්ගලයින්ගේ සෞඛ්‍ය වාර්තාවල ඔවුන් පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වුවද එම පුද්ගලයින්ට හෘද රෝග වැළඳීමේ වැඩි අවධානමක් පවතින බව වාර්තා වේ.

යුරෝපයේ හාර්ට් ජර්නල් සංගමය විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

යුරෝපයේ රටවල් දහයක පුද්ගලයින් මිලියනයක් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

රුධිර පීඩනය,කොලෙස්ටරෝල් අගය සහ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයක් ගැනීම තුළින් පමණක්ම තරබාරු අයෙකු නීරෝගී පුද්ගලයෙකු ලෙස අනුගමනය කළ නොහැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *