චාලට්ස්විල් ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු අය ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දක්ෂිණාංශික හා වාමාංෂික ආධාරකරුවන් දෙපිරිසම වගකිව යුතු බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සුදු ජාතික අන්තවාදීන් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. නිව්යෝර්ක්හිදී ඊයේ අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා වාමාංශික ආධාරකරුවන්ට ද දෝෂාරෝපණය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රමාද වූයේ ඊට අදාළ සියලු කරුණු අධ්‍යනය කිරීමට තමන්ට අවශ්‍යවූ නිසා බව, ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත.

චාලට්ස්විල් ප්‍රදේශයේ පැවැති අන්ත දක්ෂිණාංශික පෙළපාලියකට විරෝධය පළ කළ පුද්ගලයෙකු මෝටර් රථයක් ජනතාව අතරට ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මිය ගියේය. එසේම එයින් 19 දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *