නීතිඥයින්ගේ හය වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව

(කොළඹ, ලංකාපුවත්) – නීතිඥයින්ගේ හය වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

රටවල් 07ක් නියෝජනය කරමින් කණ්ඩායම් 12ක් තරගාවලියට සහභාගී වී සිටි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගී වූ මූලික වටයේ තරග මේ වන විට නිමාවී ඇත.

එහිදී එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් නීතිඥයින්ගේ කණ්ඩායම් ශ්‍රී ලංකා ඒ නීතිඥයින්ගේ කණ්ඩායම අතින් පරාජය විය. මේ අනුව අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම තේරෙන්නේ අද (16) පැවැත්වෙන තරගවලින්ය.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගී වන අවසන් පූර්ව තරගය අනිද්දා(18) කොළඹ කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *