යාල වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක්

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. මෙම වනෝද්‍යානය අනාගත පරපුරට දර්ශනීය වනාන්තරයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ යාල ජාතික වනෝද්‍යානයේ බඳුන්වැව ඔන්ඩච්චි වනෝද්‍යාන කලාපයේ වැඩ ආරම්භ කිරීම හා නව මාර්ග පද්ධතිය ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

යළි පුබුදමු යාල ව්‍යාපෘතියට සමගාමීව මෙම කටයුතු සිදුකෙරේ.

ඉදිකිරීමට යෝජිත මාර්ග පද්ධතියේ දිග කිලෝමීටර 26ක් පමණ වේ. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *