Uber විරෝධතා නිසා මෙල්බන් ගුවන්තොටුපළේ කටයුතු ප්‍රමාදයි

(කොළඹ, ලංකාපුවත්) – මෙල්බන් ගුවන්තොටුපොළේ සිට මගීන් ප්‍රවාහනය කිරීමට Uber කුලී රථ සේවාව සඳහා නීතිමය අවසරය පිරිනැමීමට එරෙහිව ඊයේ (15) රාත්‍රියේ මෙල්බන් නුවර සාමාන්‍ය කුලී රථ රියදුරන් ගුවන්තොටුපොළ වෙත යන මාර්ගය අවහිර කර විරෝධතාවක නිරතවී තිබේ.

ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රියේදී ගුවන් තොටුපොළ ප්‍රධාන පිවිසුම අවහිර කර ඇත. මේ හේතුවන් පොලීසිය විසින් නීති කඩ කිරීම සම්බන්ධ දඩ කිහිපයක්ද නිකුත් කර තිබේ.

මීට අමතරව කුලී රථ දෙකක් බලෙන් ඉවත් කළ බව පොලීසිය සදහන් කර ඇතැයි ඕස්ට්‍රේලියාවේ එස්බීසේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙම අවහිර කිරීම් මේ වන විට විසුරුවා හැර ඇති නමුත් මේ සම්බන්ධ විරෝධතා අද (16) දිනය පුරාවටද මෙල්බන් ගුවන්තොටුපොළ ආසන්නයේදී සිදුවීමට ඉඩ ඇති බවත් එමනිසා තම ගුවන් යානය පිටවීමට පෙරාතුව වෙනදාට පැමිණෙන වෙලාවට වඩා පෙරාතුව පැමිණෙන ලෙසත් බලධාරීන් ගුවන් මගීන් හට දැනුම් දීමක් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 12 =