අමෙරිකාවේ හෙලිකොප්ටරයක් අතුරුදන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබේ.

යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් ගණන 05දෙනෙකි.

හෙලිකොප්ටර් යානය හවායි දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව වාර්තා වේ. රාත්‍රී කාලයේ යුද පුහුණුවක් අතුරතුර මෙම අතුරුදන් වීම සිදුව ඇත. එම හෙලිකොප්ටර් යානය 25වන හමුදා සේනාංකයට අයත් එකකි.

හෙලිකොප්ටරය සමග සම්බන්ධතා රාත්‍රී 10 ට පමණ ඇණ හිට ඇතැයි අදාළ නිලධාරීන් සදහන් කර තිබේ.

හවායි දූපත් ආශ්‍රිත සාගරයේ තිබී සුන්බුන් කිහිපක් ද හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. කෙසේ නමුත් අතුරුදන් වූ යානය සෙවීමේ මෙහෙයුම් සදහා ගුවන් යානයක්, හෙලිකොප්ටර් දෙකක් සහ බෝට්ටු කිහිපයක් යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − 4 =