ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයට නව ප්‍රේක්ෂකාගාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 සංවත්සරික සැමරුම නිමිත්තෙන් ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් මිලියන 190 ක වියදමින් නව ප්‍රේක්ෂකාගාරයක් ඉදි කෙරේ.

එලෙස ඉදිවන නව ප්‍රේක්ෂකාගාරය සදහා මුල්ගල තැබීම හෙට(18) උදෑසන සිදු කරනු ඇත.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්.හාරිස් මහත්වරුන්ගේ ඇරයුමෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සුරතින් මුල්ගල තැබීම සිදු කරන බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 14 =