දකුණු ආසියාවේ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියාවේ රටවල් කිහිපයකට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබේ.

මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන්ව ඇති බවයි, වාර්තා වන්නේ. පසුගියදා ඇද හැලුණු මෝසම් වර්ෂාවත් සමග නේපාලය, ඉන්දියාව හා බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ලවිය.

නේපාලයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව සියයකට අධිකය. ගම්මාන සිය ගණනක් ජල ගැලීමට හසුවී විශාල පිරිසක් පීඩාවට පත්ව සිටි. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ආරක්ෂක අංශ මෙන්ම, අලි ඇතුන් ද යෙදවීමට පියවර ගෙන ඇත. අයහපත් කාලගුණයෙන් උතුරු ඉන්දියාවට ද බලපෑම් එල්ල විය.

ගංවතුර හා නාය අනතුරුවලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 50කට ආසන්නය. බංග්ලාදේශයෙන් ද මරණ රැසක් වාර්තා වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *