රජ පවුල සමරු සටහන් තැබීම නවතයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල පොදුවේ හෝ නිල මට්ටමින් සමරු සටහන් තැබීම නවතන බව නිවේදනය කර තිබේ.

සිය අත්සන් අනුකරණය කිරීම හෙවත් ‘කොපි කිරීම’ සම්බන්ධයෙන් වන බිය ඇතිව මෙම කටයුත්ත නැවතීමට එම සාමාජිකයෝ තීරණය කර තිබේ.

කේම්බ්‍රිජ් ආර්යාව වන කේට් මිඩ්ල්ටන් කිසිසේත්ම සිය අස්සන කොළ කැබැලි මත නොතබන බව පැවසේ.

රාජකීය ක්‍රමවේද හේතුවෙන් ඈ එසේ නොකරන බව වාර්තා වේ.

‘ඩේලි එක්ස්ප්‍රස්’ පුවත්පතට අනුව ඇයගෙන් සමරු සටහනක් ඉල්ලුවහොත් ‘සමාවෙන්න. මට ඒකට ඉඩක් නැතැයි’ කේම්බ්‍රිජ් ආයාව පවසන බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *