විදුලි සැර වැදීමෙන් මවක සහ ඇගේ කුඩා පුතු ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මවක සහ ඇගේ කුඩා පුතු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 07ක කුඩා පිරිමි දරුවෙක් සහ 35 හැවිරිදි මවකි.

මියගිය කාන්තාව හා කුඩා දරුවා අසල නිවසකට ගොස් සිටියදී එම ගෙවත්තේ පොල් ගසක බැද තිබූ කම්බිය නිවසට විදුලිය ලබා ගෙන ඇති ප්‍රධාන වයරයේ ඇතිල්ලීම හේතුවෙන් විදුලිය කාන්දු වී තිබේ. එම කම්බිය කුඩා දරුවා ඇල්ලීමෙන් දරුවාට විදුලි සැර වැදී ඇත. එය දැක ඇති මව දරුවා බේරා ගැනීමට යාමේ දී ඇයට ද විදුලිසැර වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පුලස්තිපුර රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබේ.

පහ ශ්‍රේණිය දරුවන්ට ශිෂ්‍යත්ව පංති නිමාවන දිනය නිසා ඔවුන්ට ආහාර වේලක් ලබා දීමට මෙම නිවැසියන් කටයුතු සූදානම් කර ඇත. ඊට සහාය වීමට පැමිණි මවක සහ ඇයගේ දරුවා මෙම අනතුරට මුහුණ පා තිබුණි.

පුලස්තිපුර පොලිසිය වැඩිදුර විමර්ශන මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *