විනීත රියදුරන්ට ත්‍යාග වවුචර්පත්

(කොළඹ, ලංකාපුවත්) – විනීත රියදුරන් සොයා ත්‍යාග වවුචර්පත් හා ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත මහනුවර පොලිස් බල ප්‍රදේශයේ විනීත රියදුරන් හා කාරුණික රියදුරන් තේරීම සම්බන්ධ වැඩසටහනේ සමාරම්භන උත්සවය අද(15) පැවැත්විණි. මහනුවර ඔරලෝසු කණුව වටරවුම අසලදී කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන්ඩ් මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානක්වයෙන් එය සිදුවිය.

මහනුවර නගරය තෝරාගත් ස්ථාන කිහිපයක නිලධාරීන් කණ්ඩායම් 05ක් ස්ථානගත කර එම ස්ථානයන් හි දී විනීත රියදුරන් 44දෙනෙකු තෝරා එම රථවල ස්ටිකර් ඇලවීමක් සිදු කෙරුණිත එසෙම් එම රියදුරන් සදහා ශ්‍රී ලංකා පොලිසියේ සහ ඒ එම් ඩබ්ලිව් ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් 3,000ක් වූ ත්‍යාග වවුචර්පත් පිරිනැමීමක් ද සිදු කරන ලලදි.

පොලිස්පතිවරයාගේ මෙම සංකල්පය ඉදිරියේ දී සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීඹට නියමිත බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − one =