එයාලට පාඩමක් උගන්නමු – ඔයා හොදින් පාස් වෙන්න – පාදුක්කේ දැවී අලුවූ නිවසට දුමින්ද ගිහින් කියපු කතාව

(කොළඹ, ලංකාපුවත්) – පාදුක්ක ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක නිවසක් කිසියම් පිරිසක් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කල සිදුවීමක් පසුගිය දින වල රටම කම්පාවට පත් කරනු ලැබීය.

එම නිවස හිමි පවුලේ දැරියක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතර ඇයගේ මානසික මට්ටමට මෙම සිදුවීමෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(17) උදෑසන පාදුක්කේ පිහිටි ගිනිගෙන විනාශ වූ අදාළ නිවසේ සාමාජිකයින් හමුවීමට පාදුක්කට ගිය අතර විනාශ වූ නිවසද නිරීක්ෂණය කළේය.

රුපියල් මිලියන 1.5 පමණ වටිනා නව නිවසක් වඩාත් සුදුසු ඉඩමක ඉදිකර දෙන බවට අමාත්‍යවරයා එහිදී පොරොන්දු විය.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවාට අවශ්‍ය පාසල් උපකරණ හා තවත් ද්‍රව්‍යමය ආධාර කිහිපයක් පරිත්‍යාග කල අමාත්‍යවරයා සිදුවූ දේ අමතක කර හොදින් විභාගයට මුහුණ දෙන ලෙස දැරියට උපදෙස් ලබා දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *