පිහිටක් අවැසි තැන පිහිටක් වනු මැනව

(කොළඹ, ලංකාපුවත්) – මේ පින්තුරයේ ඉන්න දුවයි පුතයි උපතින්ම දැස් නොපෙනෙන දෙන්නෙක්. දැනට කැලණිය පට්ටිය හන්දියේ තාවකාලික නිවසක මේ දෙන්නා ජීවත් වෙන්නේ. පුතා හංසර කේෂාන් කුමාර වයස අවුරරුදු අටයි. දුවනෙත්මි කුමාරි වයස මාස නමයයි. දරුවන් දෙදෙනාගේ පියා වසන්ත කුමාර දැනට කැළණියේ පට්ටිය හංදියේ පුද්ගලික ආයතනයක කම්කරු රැකියාවක් කරන්නේ.

ඔවුන්ගේ ජිවිකාව යන්තම් ගැටගහගන්න මුදලක් හැර, පියා උපයන මුදල විදිමත් ප්‍රතිකාරයකට කිසි සේත්ම ප්‍රමාණවත් නෑ.

නවලෝක රෝහලේ වෛද්‍යවරු පවසා තියනවා සැත්කමක් මගින් මේ දරු දෙන්නාට පෙනිම ලබා දිය හැකි බව. ඒත් එම සැත්කම කරගන්න තරම් වත්කමක් මේ දරු දෙන්නාගේ අම්මටයි තාත්තටයි නෑ.

ඔවුන් හැඬූ කඳුළින් ඉල්ලා සිටින්නේ මේ දරුවන් දෙදෙනාට පෙනීම ලබාගන්නට කරන සැත්කම වෙනුවෙන් ඔබේ ආධාරයයි.

මෙම පින් කටයුත්තට ඔබටත් දායක විය හැකිනම් අමතන්න පහත අංකවලට අමතන්න.

077 -3519324, 075 – 6546329

(උපුටා ගැනීම – දිනමිණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *