ආසියාවේ ගංවතුරට හසුවූවන් බේරා ගැනීමට අලි මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියා රටවල් කිහිපයකට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට ඉන් දැඩි බලපෑමක් එල්ල වූ බව වාර්තා වේ.

දින කිහිපයකට පෙර ඇද හැළුනු අධික මෝසම් වර්ෂාව සමඟ හටගත් ගංවතුරින් පුද්ගලයින් මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇත.

නේපාලයේ ගංවතුරට හසුවු පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය. එහි ප්‍රදේශ රැසක් ජලගැලීමට හසුව තිබේ.

ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා සහන සේවා අංශවලට අමතරව අලිඇතුන්ද යොදවා ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවද ජලගැලීම් වලින් පීඩාවට පත් ව සිටී.

බංග්ලාදේශයෙන්ද ජිවිත හා දේපල හානි රැසක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 7 =