හිටපු ජෙ.නි පොලිස්පති බෝධි ලියනගේ මහාතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

මීට දින කිහිපයකට පෙර ඔහු පදිංචිව සිටි කටුගස්තොට පිහිටි නිවසේ දී හදිසියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඒ මහතා 69වන වියෙහි පසු විය.

ඒ මහතා 1948 මාර්තු මස 05වනදා උපත ලබා උසස් අධ්‍යාපනයෙන් පසු 1974 අගෝස්තු මස 01වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිසියට එකතු වී ඇත. 1983 වර්ෂයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු අණදෙන නිලධාරියා ලෙස ඔහු කටයුතු කර තිබේ.

බෝධි ලියනගේ මහතා 30වසරකට අධික කාලයක් පැවැති යුධ වාතාවරණයක දී අම්පාර, ත්‍රිකුණාමලය, වව්නියාව යන මෙහෙයුම් කලාපවල රාජකාරී කටයුතු කර තිබුණි.

ඔහු වසර 34ක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කටයුතු කර 2008 මාර්තු 05වනදා විශ්‍රාම ලබන විට පොලිස් මූලස්ථානයේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කළේය.

බෝධි ලියනගේ මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (20) මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + ten =