තරුණයෙක් රටකජු අස්වනු නෙලන අළුත් මැෂිමක් හදයි

(කොළඹ, ලංකාපුවත්) – රටකජු කැඩීම සඳහා නව යන්ත්‍රයක් සකස් කිරීමට නාඋල – අළුගොල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබේ.

විසි අට හැවිරිදි කේ.ජී. චන්දික ජයන්ත සේනාධීර  වන ඔහු මෙම යන්ත්‍රය නිෂ්පාදනය සදහා භාවිතයෙන් ඉවත් කළ ගොයම් මඩින යන්ත්‍රයක් උපයෝගී කර ගෙන ඇත.

නාලන්ද වෙල් යායේ ගොවි මහතෙකු ද වන චන්දික ඉවතලන බොහෝ දේ උපයෝගි කරගනිමින් නව නිර්මාණ බිහිකිරීමට උපන් හපන්කම් දක්වන්නෙකි.

චන්දිකගේ උත්සාහයේ ප්‍රතිඑලයට අනුව ඉතා පහසුවෙල් රටකජු ගස් වලින් වෙන්කර ගැනීමට මෙම යන්ත්‍රය භාවිත කළ හැකිය.

“අක්කරයක රටකජු අස්වනු නෙලාගන්න දහදෙනෙක් විතර ඕන වෙනවා. නාලන්ද වෙල් යායෙම එකට වගාකරන හින්දා කට්ටිය හොයාගන්න අමාරුයි.

ඒ ගැන කල්පනා කරලා තමයි මම මේ මැසිම හැදුවේ. මම කොහෙන්වත් පුහුණුවක් ලැබුවේ නැහැ මේක හදන්න. මේ යන්ත්‍රය සම්පුර්ණයෙන්ම ඇතුල වෙනස් කරලා තියෙන්නේ. අළුතෙන් ෆෑන් එකක් දාලා තියෙනවා.

වැලි වැටෙන්න උපකරණයකුත් හදලා තියෙනවා.මේ මැෂිමේ දෙන්නෙකුට වැඩකරන්න පුළුවන්. ඒ වගේම මේ මැසිම වැඩිදියුණු කළොත් පස් හය දෙනෙකුට වැඩකරන්න පුළුන්. කාලය ශ්‍රමය වගේම ඉතා පිරිසිදු අස්වැන්නක් මේ මැෂිමෙන් ගන්න පුළුවන්.

මගේම නිර්මාණයක් විදිහට හදපු මේ මැෂින් එක තවත් වැඩිදියුණු කරන් පුළුවන් ඉතින් කවුරුහරි අතදෙනවා නම් තව ගොඩන් නිර්මාණ මට කරන්න පුළුවන්.” යැයි ද චන්දික කියා සිටියේය.

(නාඋල ඉන්දික අරුණ කුමාර)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *