වැසි තත්ත්වයේ වැඩි වීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල අද(18) සහ හෙට (19) දිනවලදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින හරහා විශේෂයෙන් ඌව, උතුරු – මැද, සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු වේ.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක් පමණවල තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තුවන අතර උතුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *