“හෙට දකින රනිල්” ඡායාරූප ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප‍්‍රදර්ශනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

“හෙට දකින රනිල්” නමින් නම් කර තිබෙන ප‍්‍රදර්ශනය හෙට සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ.

ඡායාරූප ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.

1977 වසරේ එවකට ළාබාලතම මන්තී‍්‍රවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික‍්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛ අරමුණ වේ.

රජයේ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *