උදයංග වීරතුංගගේ වරෙන්තුව ආපසු කැඳවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති විවෘත වරෙන්තුව ආපසු කැඳවනු ලෙස හා ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික හා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර පාවිච්චි කිරීමට පනවා ඇති තහනමද ඉවත් කරන ලෙසට අධිකරණය හමුවේ කළ ඉල්ලීම් දෙකම අද(21) ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ බරපතල චෝදනා ලබා සිටින උදයංග වීරතුංග අධිකරණය මගහැර සිටින අතර මෙවැනි ඉල්ලීම් කිරීමද සුදුසු නොමැති බවත් එම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කරන බවට පවසමින් නොවැම්බර් 02 වනදා මෙම නඩුව කැඳවීමට නියෝග කළාය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ යුක්රේන රජයෙන් මිග්යානා මිලදී ගැනීමේදී වංචාවක් සිදු කල බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − 1 =