ට්‍රම්ප්ට සූර්යග්‍රහණයත් සමඟ අසුබ ළුල එන බවට අනාවැකි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට අද(21) දිස්වන පූර්ණ සූර්ය ග්‍රහණය අමෙරිකාවේ 45 වැනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසුබ ඵල අත්කර දෙනු ඇතැයි එරට ජෝතීර්වේදීහු අනාවැකි පළකර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ කේන්දරය අනුව ඔවුන් මෙසේ පවසා ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප්ට කටයුතු කරගෙන යෑම අසීරු වනු ඇති බවත් ජෝතීර්වේදීහු අනාවැකි කියන බව සදහන්ය.

‘ජනාධිපති ට්‍රම්ප්ගේත් ඇමෙරිකාවේත් අනාගතයට මෙම සූර්ය ග්‍රහණයෙන් බලපෑම් එල්ල වෙනවා. ඒ බව සහතිකයි.’ යැයි නිව්යෝක් නුවර කේන්ද්‍රකොට ගත් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ජෝතීර්වේදිනියක වන රෙබෙකා ගෝඩ්න් පෙන්වා දී ඇතැයි පැවසේ.

අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අතර මෙම සූර්ය ග්‍රහණය උතුරු අමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වේ. එමෙන් ම මෙම සුර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු අමෙරිකාව සහ අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.

මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණය 2019 ජූලි 02 දා සිදුවන අතර එයද දර්ශනය වන්නේ දකුණු අමෙරිකාවට පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *