පැනගිය යුද්ධ හමුදා සාමාජිකයන් 777 දෙනෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – යුද්ධ හමුදා පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සිකුරාදා (18) අදාළ මෙහෙයුම සිදු කළ බවය.

අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් අතර එක් යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 776 දෙනෙකු සිටි.

එම සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 2 =