මහානාමට වවුනියාවේ හොඳ නාමයක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා විසින් වවුනියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදි කරන ලද පාසලට එම දරුවන්ගේ ආගමික වතාවත් වෙනුවෙන් ඉදි වූ බුදු මැදුර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංකවල ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද මෙම බුදු මැදුරට මූල්‍ය දායකත්වයන් ලබා දෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමියන් හා එම විහාරස්ථානයේ ශාසනික සේවිකා සමිතිය විසිනි.

මීට පෙර වෙහෙරතැන්න ගම්මානයේ ඉදි වූ ප්‍රාථමික පාසල රොෂාන් මහනාම මහතාගේ මූල්‍ය දායකත්වයන් ලබා දුන් අතර පාසල නම තැබුණේද රෝෂාන් මහනාම ප්‍රාථමික පාසල වශයෙනි.

බුදු මැදුර විවෘත කිරීමෙන් පසුව ගම්මානයේ වැසියන්ට වියළි සලාක, බඩු මලුද දරුවන්ට අධ්‍යපනික උපකරණද රොෂාන් මහනාම මහතා අතින් ලබා දෙනු ලැබීය.

ඊට අමතරව පාසලට අවශ්‍ය පානීය ජලය වෙනුවෙන් නල ළිඳක් හා පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමද ඊයේ (20) සිදු කරනු ලැබුවේ කැන්ඩිලා එඩ්ස් ආයතනයේ රාජිත ප්‍රනාන්දු මහතා විසිනි.

ඊට අමතරව වෙහෙරතැන්න ගම්මානයේ පදිංචි අයෙකුට ස්ථීර නිවසක්ද ප්‍රදානය කරනු ලැබුවේ විදේශ ධානපතියෙකුගේ ආධාර මගින් වන අතර මෙම සියලු ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 56 සේනාංකයේ 19 වන ගජබා රෙජිමේන්තුව 62 වන සේනාංකයේ 26 වනශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව විසිනි.

මෙම උත්සව අවස්ථාවන් සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමියන් හා එම විහාරස්ථානයේ ශාසනික සේවිකා සමිතියේ උපාසිකාවන් හා 62 සේනාංකයේ හා 662 හා 563 බලසේනාධිපතිවරුන් ඇතුළු පාසල් දරුදැරියන් හා දෙමාපියෝ සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − eighteen =