මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එජාප අපේක්ෂකයින් තෝරා ගැනිම අවසන් අදියරේ

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයින් තෝරා ගැනිම මේ වන විට අවසන් අදියරේ ඇති බවත් ශක්තිමත් අපෙක්ෂක කණ්ඩායම් පළාත් පාලන ආයතන සදහා ඉදිරිපත් කරන  බව එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන් සහ  ආසන සංවිධායකවරුන් සමග මාතලේ අලුවිහාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ය.

ඒ අනුව මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා සිදු කළ යුතු මුලික කරුණු සිදු කර ඇති බවත් පසුගිය ජනාධිපතිවරණය  මෙන්ම මහ මැතිවරණය ජයග්‍රහණය කළා සේම මෙවරද පළාත් පාලන මැතිවරණය මාතලේ දිස්ත්‍රික්කය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බවත් ඒ සදහා ඒ ඒ පළාත් පාලන ආයතන සදහා ශක්තිමත් අපේක්ෂක කණ්ඩායම් තෝරාගෙන ඇති බවද අලුවිහාරේ මහතා පැවසිය.

එමෙන්ම මෙවර අපේක්‍ෂකත්වය  ලබා දිමේදි පිරිසිදු අංවක,උගත් පිරිස් සහ තරුණ පිරිස සදහා වැඩි අවස්ථාවක් ලබා දුන් බවද අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 20 =