මිෂන් ඉන්පොසිබල් රූගත කිරීම් අතුරතුර ටොම් කෘස් අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – ලොව සුප්‍රකට චිත්‍රපට මාලාවක් වන ‘මිෂන් ඉන්පොසිබල්’ චිත්‍රපට මාලාවේ හය වන නවතම ජවනිකා රුගත කිරීම් අතර තුර එහි නළු ටොම් කෘස් අනතුරකට පත්වී තිබේ.

එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පැනීමේදී මෙම අනතුර සිදුව ඇත්තේ ලන්ඩන් නුවරදීය. දැනට අවුරුදු 55 ක් වන ඔහු එම ත්‍රාස්‍යජනක පැනීම් සියල්ලම ඔහු විසින්ම සිදු කරනු ලබයි.

ටොම් කෘස්ගේ පාදයේ වළලුකරට හානි සිදුව ඇති බවත් ඔහුට මාස 04ක්වත් සුවය ලැබීමට ගතවනු ඇති බවත් වාර්තා වේ. එසේම ඇතැම් විදෙස් මාධ්‍යවල දක්නට ඇත්තේ ඔහුගේ උදරයට ද තුවාල සිදුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *