හොලිවුඩ් ප්‍රහසන නළුවෙක් සමු ගනියි

(කොළඹ, ලංකාපුවත්) – 50 දශකයේ ජනප්‍රිය හොලිවුඩ් ප්‍රහසන නළුවෙකු වන ජෙරී ලුවිස් සිය ජීවන රගමඩලින් සමු ‍‍ගෙන ඇත. මියයන විට ඔහු 91 වන වියේ පසු විය.

ද නටී ප්‍රොෆෙසර්, ද ලේඩීස් මෑන්, ඉට්ස් ඔන්ලි මනී ඇතුළු චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දුන් ඔහු ස්වාභාවික මරණයකට පත් වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත.

බී බී සී පුත් සේවය වාර්තා කර ඇත්තේ ඉරිදා උදෑසන ලාස් වේගාස් හි පිහිටි ජෙරී ලුවිස් ගේ නිවසේ දී ඔහු මිය ගොස් ඇති බවය.

ඔහු කළක් හොලිවුඩයේ ඉහළම මිලක් අය කරන නළුවා බවට ද පත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 8 =