අමෙරිකාවේ යුද නැවක් ලිබියාවේ තෙල් නැවක ගැටේ

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට අයත් යුද නෞකාවක් ලිබියාවට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සමග ගැටී තිබේ. සිංගප්පූරුවට ආසන්න මුහුදේදී අද(21) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් නාවික හමුදා සාමාජිකයින් දස දෙනෙකු අතුරුදන් වී තිබේ. තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මාස දෙකක කාලයක් තුළ සිදුවු දෙවැනි අමෙරිකානු යුද නෞකා ගැටුම මෙය වේ.

යු.එස්.එස් ජෝන් මැකේන් නමැති මිසයිල ප්‍රහාරක නෞකාව මලක්කා සමුද්‍ර සංන්ධිය දක්වා යාත්‍රා කරමින් තිබුණි.

පසුගිය ජුනි 17 වනදා අමෙරිකාවට අයත් යූ.එස්.එස්.ෆිට්ස් ජෙරල්ඩ් නෞකාව පිලිපීනයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටුණි. ඉන් අමෙරිකානු නාවිකයන් 7 දෙනෙක් මිය ගිය අතර, නෞකාවට ද දැඩි හානි සිදු විය. ඊට අදාළ පරීක්ෂණවලින් පසුගිය සතියේ එහි ප්‍රධානිය ඇතුළු නාවිකයන් 7 දෙනෙකු සේවයෙන් පහ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *