ආදි මානවයින් විසින් නිර්මාණය කළ සිතියමක් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 5000 ක හෝ 6000 ක කාලය තුළ මෙරට ජීවත් වුණු පරිණත ආදි මානවයින් විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ හමු වූ පළමු විශාතම සිතියම සොයා ගෙන තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ ලෝකයේ මෙවැනි සිතියම් 18ක් හමුවී ඇති බවත් මේ හමුවී ඇත්තේ 19 වැනි සිතියම බවත්ය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා ලබන වර්ෂයේ පුරාවිද්‍යා කැනීම් මෙම පරිශ්‍රය ආශ්‍රිතව සිදු කිරීමට නියමිතය.

බලංගොඩ ඕපනායක පරගහමඩිත්ත, පින්නගල ප්‍රදේශයේ ‘බාදාහේන’ ගල් ගුහාවේ සිදු කළ මූලික කැණීම්වලදී මෙම සිතියම හමු වී තිබේ.

මෙම ගල් ගුහාව අඩි 200 ක් පමණ දිග ප්‍රපාතාකාර බෑවුමක පිහිටි ගල් ලෙනකි.

මෙම ගල් ලෙන මීට අවුරුදු 6000 ක් එපිට කාලයකදී මිනිසුන්ගේ වාසස්ථානයක් බවට පත් වී තිබෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *