උතුරු ඇමතිවරයාගේ පක්ෂ සාමාජීකත්වය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පී.ඩෙනිශ්වරන් මහතාට ඔහු නියෝජනය කරන ටෙලෝ පක්ෂ සාමාජිකත්වය මාස 06 ක කාලයකට අත්හිටුවිමට වව්නියාවේ දී ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

පක්ෂ ලේකම් එස්. ශ්‍රී.කාන්ත මහතා ප්‍රකාශ කළේ පක්ෂ තීරණවලට විරුද්ධව කටයුතු කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

පක්ෂ තීරණයට පිටුවා ඩෙනිශ්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතාට එරෙහිව ඉදිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහයෝගය පල කර ඇති බව සඳහන් වේ

ඉදිරියේදී පී. ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණ පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක් තාවකාලිකව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිමට තීරණය කළ බව එස්. ශ්‍රී කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *