මියන්මාරයෙන් ගෙනා ඇත් පැටවා දළදා මාලිගාවට රැගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇත් පැටවා පෙරේදා (19) අලුයම ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ආවේය.

මියන්මාරයේ සිට නැව් මගින් මෙරටට ගෙන එන ලද ඇතා ඉකුත් 18වනදා අලුයම ත්‍රිකුණාමල වරායෙන් ගොඩ බස්වා මහනුවරට රැගෙන එන ලද අතර ඇති ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලාව මහතා පැවසීය.

මෙම ඇතා ඉදිරි දිනක නිල වශයෙන් ජනපතිවරයා විසින් දළදා මාලිගාවට පූජා කීරීමට නියමිතය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කළ ඒක දන්තයා හස්තියා මෙයට මාස කිහිපයකට පෙර හදිසියේ මිය යෑමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතකු ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම මත ජනපතිවරයා මියන්මාර් රජයට කළ යෝජනාවක් අනුව මෙම ඇත් පැටවා මෙරටට පරිත්‍යාග කර ඇත.

ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරන්න තරම් ගුණාංග වලින් මෙම ඇති පිරිපුන් බව ප්‍රදීප් මියනපලාව මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *